අද එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම රැස්වෙයි

Share

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම අද (09) සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී රැස්වෙයි.

 

පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් පස්වරු 3.00ට එය පැවැත්වෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා පවසා සිටියේ මෙහිදී ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේ දී සංවිධානය විය යුතු ආකාරය පිළිබඳව සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවයි.

Read more

Local News