ඇල්පිටිය, අලුත්ගම මාර්ගයේ දී අද (09) උදෑසන සිදුවු රිය අනතුරකින් පුද්ගලයෙකු මිය ගොස් ඇත.
ඇල්පිටිය අලුත්ගම මාර්ගයේ දී ලංගම බස් රථයක් හා යතුරු පැදියක් එකිනෙක ගැටී සිදුවු මෙම අනතුරෙන් යතුරුපැදිකරු එම ස්ථානයේම මියගොස් ඇත.
මෙසේ මිය ගොස් ඇත්තේ 46 හැවිරිදි ඇල්පිටිය, කහදූව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව පොලිසිය පවසයි.
සිද්ධිය පිළිබඳ ඇල්පිටිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.



