ගල්කිස්ස ප්‍රදේශයේදී හෙරොයින් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ගල්කිස්ස පොලිස් ස්ථානයේ නිළධාරින් පිරිසක් සිදු කළ වැටලීමක දී අදාල සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.
එහිදී සැකකරු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 02යි මිලිග්‍රෑම් 500ක් පොලිසිය විසින් සොයාගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු අද (09) ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.



