ශිෂ්‍යත්ව විභාගයේ අභියාචනා ඉදිරිපත් කළ සිසුන්ගේ ප්‍රතිඵල නිකුත් කරයි

Share

2019 වසරේ පහ ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිට අපේක්ෂිත ප්‍රතිඵලය නොලැබුණු බවට විභාග දෙපාර්තමේන්තුව වෙත අභියාචනා ඉදිරිපත් කළ සිසුන් සඳහා එම අභියාචනා පරීක්ෂා කිරීමෙන් පසු ප්‍රතිඵල පසුගිය දා (07) ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලදී.

 

මෙම ප්‍රතිඵල අදාළ එක් එක් පාසල්වල විදුහල්පතිවරුන් වෙත මේ වනවිටත් යොමු කර ඇති අතර, ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ www.donets.lk සහ www.results.exams.gov.lk වෙත පිවිස නිවැරදි ව විභාග අංකය ඇතුළත් කිරීමෙන් ද අදාළ ප්‍රතිඵල ලබාගත හැකිය.

මෙවර පහ ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගය සඳහා සිසුන් 339,410ක් අයදුම් කර තිබූ අතර, විභාගය සඳහා පෙනී සිටි සිසුන් සංඛ්‍යාව 332,179කි.

ඔවුන් අතරින් දිස්ත්‍රික් කඩඉම් සීමාව හෝ ඊට ඉහළ ලකුණු ලැබූ සිසුන් සංඛ්‍යාව 47,667කි.

අපේක්ෂිත ප්‍රතිඵලය නොලැබීම හේතුවෙන් විදුහල්පතිවරයා මගින් විභාග දෙපාර්තමේන්තුව වෙත යොමු කර ඇති අභියාචනා 20,313කි.

Read more

Local News