හදිසි ජල කාන්දුවීමක් හේතුවෙන් ප්‍රදේශ කිහිපයකට වතුර නෑ

Share

ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ ප්‍රධාන නල මාර්ගයක හදිසි ජල කාන්දුවීමක් හේතුවෙන් පෑලියගොඩ, වත්තල සහ මාබෝල යන නගර සභා බලප්‍රදේශවලට මේ වනවිට ජල සැපයුම අත්හිටුවා තිබේ.

 

මීට අමතරව, කැළණිය සහ වත්තල යන ප්‍රාදේශීය සභා බල ප්‍රදේශවල කොටසකට ද මෙලෙස ජල සැපයුම අත්හිටුවා ඇති බවයි එම මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ්.

එසේම ‌මේ වනවිට අදාළ පිළිසකර කිරීම් ආරම්භ වි ඇති බැවින් ජල සැපයුම යථා තත්ත්වයට පත්වන ‌වේලාව හැකි ඉක්මනින් දැනුම් ‌දෙන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කරයි.

Read more

Local News