STF නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළ 4ක් අත්අඩංගුවට

Share

පොලිස් විශේෂ කාර්යය බලකා නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පුද්ගලයින් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

 

ලාතුගල රක්ෂිතයේ කපා අතහැර දමා තිබු දැව තොගයක් ට්‍රැක්ටර් රථයකින් රැගෙන එමින් සිටියදී ත්‍රීරෝද රථයකින් පැමිණි පිරිසක් විසින් නිලධාරීන් ගමන් ගත් ට්‍රැක්ටර් රථය හරස් කොට ඔවුන්ට පහරදීමක් සිදුකර ඇති බව පොලීසිය පැවසුවේය.

සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් අම්පාර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

Read more

Local News