රාජ්‍ය අමාත්‍යවරු තිදෙනෙකුගේ විෂය පථ ගැසට් ‌කෙරේ

Share

තවත් රාජ්‍ය අමාත්‍යවරු තිදෙනෙකුගේ විෂය පථයන් ගැසට් කර තිබේ.

 

අමාත්‍යවරුන් වන ජනක බණ්ඩාර තෙන්නකොන් සහ ප්‍රසන්න රණතුංග යන මහත්වරුන් විසින් අදාළ ගැසට් පත්‍රයන් නිකුත් කර තිබේ.

කැබිනට් අමාත්‍යවරුන්ට පත්වීම් ලබාදීමෙන් අනතුරුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කළේ රාජ්‍ය අමාත්‍යවරුන්ට අදාළ ආයතන සහ වගකීම් ගැසට් නිවේදනයක් මඟින් පවරාදීමට කැබිනට් අමාත්‍යවරුන් පියවර ගත යුතු බවයි.

ඒ අනුව රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා යටතට විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව, රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවට, රාජ්‍ය භාෂා කොමිසම, භාෂා අධ්‍යාපන හා පුහුණුව පිළිබඳ ජාතික ආයතනය, මානව සම්පත් සංවර්ධනය කිරීමේ ශ්‍රී ලංකා ජාතික සභාව, රාජ්‍ය සේවා විශ්‍රාමිකයන්ගේ භාර අරමුදල, ගැසට් කර ඇති බව සඳහන් වෙයි.

ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය, මිලාදොර ආයතනය, රාජ්‍ය කළමනාකරණ හා ගිණුම් කටයුතු රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා යටතට පැවරෙනු ඇති.

මීට අමතරව රාජ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට අදාළ විෂය පථයන් ද ගැසට් කර තිබේ.

Read more

Local News