මුලිතිව්, මූංගිආරු ප්‍රදේශයේදී ඊයේ (12) සවස සිදුවු රිය අනතුරකින් තරුණයෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බව මුලතිව් පුදුකුඩිඉරිප්පු පොලීසිය පවසයි.
අධික වේගයෙන් පැමිණි යතුරුපැදියක් මාර්ගයෙන් ඉවතට පැන මාර්ගය අසල විදුලි කණුවක ගැටීමෙන් අනතුර සිදුව ඇති බවයි පොලිසිය පැවසුවේ.
අනතුරින් තුවාල ලැබු මුලතිව් උදයාර්කට්ටු, මූංගිආරු ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි ආනන්දරාසා ප්‍රසන්නා නමැති තරුණයෙකු පුදුකුඩිඉරිප්පු රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජිවිතක්ෂයට පත්ව ඇත.
පුදුකුඩිඉරිප්පු පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.



