පාර්ලිමේන්තු මන්ත්රී රංජන් රාමනායක මහතාගේ ආන්දෝලනාත්මක දුරකථන සංවාද ඇතුළත් හඬ පට සම්බන්ධයෙන් විමර්ශන කටයුතු අද (13) දිනයේ සිට ආරම්භ කරන බව රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව පවසයි.
අදාළ දුරකථන සංවාද ඇතුළත් සීඩි තැටි හා පරිගණක ඇතුළු උපකරණ මේ වන විට රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව භාරයට ලැබී ඇති බව එහි ප්රකාශකයෙකු පැවසීය.
මෙම සීඩි තැටි හා පරිගණක ඇතුළු උපකරණ රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත භාරදෙන ලෙස නුගේගොඩ මහේස්ත්රාත් අධිකරණය පසුගියදා කොළඹ අපරාධ කොට්ඨාශයට නියෝග කළේය.
මීට අමතරව රංජන් රාමනායක මන්ත්රීවරයාගේ මාදිවෙල පිහිටි මන්ත්රී නිවාසයේ තිබී සොයාගත් බලපත්ර කල්ඉකුත් වූ ගිනි අවිය ද රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත භාරදෙන ලෙස අධිකරණය නියෝග කළේය.
ඒ අනුව මෙම හඬපට සහ ගිනි අවිය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු අද දිනයේ සිට ආරම්භ කරන බව රජයේ රස පරික්ෂක දෙපාර්තමේන්තුව සඳහන් කළේය.



