අභාවප්රාප්ත ප්රවීණ රංගවේදී ජයලත් මනෝරත්න මහතාගේ දේහය බොරලැස්ගමුවේ පිහිටි ඒ මහතාගේ නිවසේ තැන්පත් කර තිබේ.
ඔහුගේ දේහය ඊයේ (12) පස්වරුවේ නිවසට රැගෙන ආ අතර කලාකරුවන් ඇතුළු විශාල පිරිසක් දේහයට අවසන් ගෞරව පුදකළේය.
ජයලත් මනෝරත්නයන්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන බදාදා බොරලැස්ගමුව පොදු සුසාන භූමියේදී සිදු කිරීමට සැලසුම් කර තිබේ.



