තණමල්විල දී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනයට ‌පෙර පාසල් ගුරුවරියක් අත්අඩංගුවට

Share

තණමල්විල මූලස්ථාන පොලිස් බල ප්‍රදේශයේ සමාධිගම ප්‍රදේශයේ පසුගිය 10 වනදා වෙඩි තබා ඝාතනය කළ පුද්ගලයකුගේ මළ සිරුරක් තණමල්විල පොලීසිය විසින් සොයාගෙන තිබුණි.

 

හිසට සිදුවූ වෙඩි තැබීමකින් මෙම පුද්ගලයා ජීවිතක්ෂයට පත්වී තිබූ බව මූලික පරීක්ෂණ වලින් අනාවරණය වී ඇත.

එම සිද්ධියට සම්බන්ධ සැකකරුවන් සොයා තණමල්විල මූලස්ථාන පොලීසිය විසින් විමර්ශනයක් ආරම්භ කළ අතර එහිදී මියගිය පුද්ගලයා සමඟ අනියම් ඇසුරක් පැවැත්වූ ප්‍රදේශයේ පෙර පාසල් ගුරුවරියක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකාරිය අංක අසූදෙක, බෝදාගම, සමාධිගම, තණමල්විල ලිපිනයේ පදිංචි වයස අවුරුදු 35ක් වන පෙර පාසල් ගුරුවරියක් වන අතර සැකකාර කාන්තාව සන්තකයේ තිබී විනාශ කර දැමූ ජංගම දුරකථනයක්ද පොලිස් නිලධාරීන් විසින් සොයාගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකාර කාන්තාව වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඊයේ (12) ඉදිරිපත් කිරීමේන් අනතුරුව අද දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන තණමල්විල මූලස්ථාන පොලිසිය විසින් සිදු කරයි.

Read more

Local News