යාපනය, කන්කසන්තුරය සිට කොළඹ බලා ධාවනය වු ශිඝ්රගාමි දුම්රියට පැන අද (13) උදෑසන යාපනය කොඩිකාමම් ප්රදේශයේදී පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බව කොඩිකාමම් පොලීසිය පවසයි.
මියගිය පුද්ගලයා සිරුරට ගිනි තබා ගැනීමෙන් අනතුරුව දුම්රියට පැන සියදිවි නසාගෙන ඇති බව කොඩිකාමම් ප්රදේශවාසීන් පවසති.
යාපනය ආරක්ෂක අංශ පැවසුවේ 11 වැනිදා රාත්රියේ යාපනය පේදුරුතුඩුව වෙළඳ සංකීර්ණයේ ව්යාපාරික ස්ථානයක් ගිනි තැබීම සම්බන්ධයෙන් සැකපිට පොලිසිය සොයමින් සිටි පුද්ගලයෙකු එලෙස ජිවිතක්ෂයට පත්ව ඇති බවයි.
පේදුරුතුඩුව වෙළඳ සංකීර්ණයේ ව්යාපාරික ස්ථානයක් ගිනි ගන්නා අවස්ථාවේ අදාළ පුද්ගලයාට සමාන පුද්ගලයෙකු එම ස්ථානයේ සිටි බවට සි.සි.ටී.වි දර්ශනවලින් අනාවරණය වි ඇති බවද ආරක්ෂක අංශ පවසයි.
මෙසේ සියදිවි නසාගෙන ඇත්තේ යාපනය පේදුරුතුඩුව ප්රදේශයේ පදිංචි වයස අවුරුදු 32ක් වූ රාජසුන්දරම් රාජශිලන් නමැති පුද්ගලයෙක්.
මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණ වෙනුවෙන් යාපනය රෝහලේ තැන්පත් කොට ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් කොඩිකාමම් පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.



