අර්ධ සුඛෝපභෝගි බස් රථ සේවාව අහෝසි කිරිම සහ ඒ වෙනුවට නව යෝජනා ලබාගැනීම සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් ඉදිරි සතිය තුළ පැවැත්වීමට නියමිත බව මගී ප්‍රවාහන කළමණාකරන අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
අමාත්‍යවරයා පවසන්නේ අර්ධ සුඛොපභෝගි බස් රථ සේවාව අහෝසි කිරිමට ගනු ලබන පියවර පිළිබඳ පසුගිය සතියේ ද බස් සංගම් සමඟ සාකච්ඡා කළ බවයි.
කෙසේවෙතත් එහිදී අර්ධ සුඛොපභෝගි බස් රථ සේවාව අහොසි කිරිම තුළින් පැන නගින ගැටළු පිළිබඳ එම බස් සංගම් නියෝජිතයින් විසින් තමන් දැනුවත් කළ බව මහින්ද අමරවීර අමාත්‍යවරයා සඳහන් කළේය.
අර්ධ සුඛොපභෝගි බස් රථ සේවාව අහෝසි කිරිමට ගෙන ඇති තීරණය වෙනස් නොවන බව සහ ඒ සඳහා නව යොජනා ඉදිරිපත් කිරිමට කටයුතු කරන ලෙස එහිදී තමන් බස් සංගම් නියෝජිතයින් වෙත ප්‍රකාශ කළ බව අමාත්‍යවරයා සඳහන් කළේය.
ඒ අනුව ඉදිරි සතියේ පැවැත්වීමට නියමිත සාකච්ඡාවේ දී බස් සංගම් විසින් ඉදිරිපත් කරනු ලබන නව යෝජනා පිළිබඳ අධ්‍යයන කර තීරණයක් ගන්නා බව මගී ප්‍රවාහන කළමණාකරන අමාත්‍ය මහින්ද අමරවීර මහතා මාධ්‍ය වෙත පැවසීය.



