නාවලපිටිය සිට බලංතොට දක්වා අධික වේගයෙන් ධාවනය වු මොටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 10 ක් පමණ පහලින් වු ඇළ මාර්ගයක් අසලට පෙරළී තිබේ.
අනතුරින් එම මොටර් රථයේ ගමන්ගත් එකම පවුලේ තිදෙනෙක් තුවාල ලබා ඇති අතර තුවාලකරුවන් නාවලපිටිය දිස්ත්‍රික් රෝහල වෙත ඇතුළත් කර ඇති බව නාවලපිටිය පොලීසිය පවසයි.
ඊයේ (16) පස්වරු 5.30 ට පමණ මෙම අනතුර සිදු වි ඇත්තේ නාවලපිටිය ගිනිගත්හේන ප්‍රධාන මාර්ගයේ මිපිටිය ප්‍රදේශයේදීය.
මිගමුව ප්‍රදේශයේ සිට නාවලපිටිය ප්‍රදේශ පැවති විවාහ මංගල්‍යය උත්සවයකට සහභාගි වී යලිත් මිගමුව ප්‍රදේශයට මොටර් රථය ධාවනය කරවන අවස්තාවේ මෙම අනතුර සිදු වී ඇති බව අනතුර පිළිබඳව පරික්ෂණ පවත්වන නාවලපිටිය පොලීසිය පැවසුවේය.
අනතුරෙන් මොටර් රථයටද දැඩි අලාභ හානි සිදු වි ඇත.




