කොළඹ ඇතුළු ප්‍රදේශ රැසකට හෙට වතුර නෑ

Share

කොළඹ සහ ඒ අවට ප්‍රදේශ රැසකට හෙට (18) පැය 22ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලපවාහන මණ්ඩලය පවසයි.

 

අඹතලේ ජල පවිත්‍රාගාරයේ නඩත්තු කටයුතු හේතුවෙන් ‌හෙට පෙරවරු 09.00 සිට ඉරිදා පෙරවරු 07.00 දක්වා ජල සැපයුම අත්හිටුවීම සිදුවන බව එම මණ්ඩලය සඳහන් කළේය.

ඒ අනුව කොළඹ, දෙහිවල – ගල්කිස්ස, කෝට්ටේ, කඩුවෙල යන මහනගර සභා බල ප්‍රදේශ මහරගම, බොරලැස්ගමුව, කොලොන්නාව යන නගර සභා බල ප්‍රදේශ කොටිකාවත්ත, මුල්ලේරියාව යන ප්‍රාදේශිය සභා බල ප්‍රදේශවලට සහ රත්මලාන හා සොයිසාපුර මහල් නිවාස යන ප්‍රදේශවලට අදාළ කාලය තුළ ජල සැපයුම අත්හිටුවීමට නියමිතයි.

Read more

Local News