කෑගල්ල පොලිස් වසමේ කොළඹ-මහනුවර ප්‍රධාන මාර්ගයේ ගලිගමුව පාසල අසල දී අද (20) අළුයම රිය අනතුරක් සිදුව දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇත.
මහනුවර දෙසට ධාවනය වු ත්‍රීරෝද රථයක රියදුරුට නින්ද යෑම හේතුවෙන් කොළඹ දෙසට ධාවනය වු ලංගම බස් රථයක මුහුණට මුහුණ ලා ගැටී මෙම අනතුර සිදුව තිබේ.
අනතුරින් ත්‍රීරෝද රථයේ රියදුරු හා පිටුපස ගමන් කළ කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙක් බරපතළ තුවාල ලබා කෑගල්ල රෝහලට ඇතුළත් කිරීමේ දී පිටුපස ගමන් කළ දෙදෙනා මිය ගොස් ඇත.
අනතුර සම්බන්ධයෙන් බස් රථ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත.
මෘත ශරීර කෑගල්ල රෝහලේ තැන්පත් කර ඇති අතර කෑගල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.



