නව රාජ්‍ය තාන්ත්‍රිකයන් පහක් ජනපතිට අක්තපත්‍ර භාර දෙයි

Share

ශ්‍රී ලංකාවට අලුතින් පත්ව ආ තානාපතිවරු සිව් දෙනෙක් සහ මහ කොමසාරිස්වරයෙක් අද (20) පෙරවරුවේ ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත සිය අක්ත පත්‍ර භාර දුන්හ.

 

කටාර් රාජ්‍ය, තුර්කිය, ලක්සම්බර්ග් රාජ්‍ය සහ ස්ලෝවේනියාව සඳහා නව තානාපතිවරු ද පකිස්ථානය සඳහා මහකොමසාරිස්වරයෙක් ද පත්ව සිටිති.

ශ්‍රි ලංකාව හා මෙම රටවල් අතර අධ්‍යාපන, සංවර්ධන, තාක්ෂණ සහ කෘෂිකාර්මික සබඳතා තවදුරටත් තහවුරු කර ගැනීමේ වැදගත්කම ජනාධිපතිවරයා මෙහිදී නව රාජ්‍ය තාන්ත්‍රිකයන්ට පෙන්වා දුන්නේය.

ශ්‍රී ලංකාව සහ සිය රටවල් අතර දිගුකාලීන සබඳතා නව ක්ෂේත්‍ර ඔස්සේ තවදුරටත් වරධනය කර ගැනීමට කැපවන බවට ඕව්හු ප්‍රතිඥා දුන්හ.

අද අක්තපත්‍ර භාරදුන් රාජ්‍ය තාන්ත්‍රිකයන්ගේ නාම ලේඛනය පහත පරිදි වේ.

01-   Mr. Jassim bin jabirjassimsarour – Ambassador of the State of Qatar
(ජස්සිම් බින් ජබීර් ජස්සීම් සරූර් මහතා- කටාර් රාජ්‍යය සදහා තානාපති)

02-   Mrs. RakibeDemetSekercioglu-Ambassador of the Republic of Turkey
(රකිබේ ඩිමෙට්‍ සෙක්‍රසියෝග්ලු-තුර්කි රාජ්‍ය සදහා තානාපති)

03-  Major General (Retd) Muhammad Saadkhattak-High Commissioner of the Islamic
Republic of Pakistan
(මේජර් ජෙනරාල් (විශ්‍රාමික) මොහොමඩ් සාඩි ඛටාක් මහතා-පකිස්ථාන මහ කොමසාරිස් )

04-Mr. Jean Claude kugener – Ambassador of the Grand Duchy of Luxembourg
(ජින් ක්ලෝඩ් කුග්නර් මහතා-ලක්සම්බර්ග් රාජ්‍යයේ තානාපති )

05-Dr. MarjanCencen- Ambassador of the Republic of Slovenia
(ආචාර්ය මර්ජාන් සෙන්සෙන් මහතා – ස්ලෝවේනියා රාජ්‍යයේ තානාපති )

Read more

Local News