පුල්මුඩේ ප්‍රදේශයේ දී ව්‍යාජ රුපියල් 5000 මුදල් නෝට්ටු 13ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු විසින් එම ප්‍රදේශයේ මූල්‍ය ආයතනයක ආරක්ෂක නිලධාරියෙකු වෙත රුපියල් 5000 මුදල් නෝට්ටු කිහිපයක් මාරුකර දෙන ලෙස ඉල්ලීමක් කර ඇති බව පොලීසිය පැවසීය.
එම මුදල් නෝට්ටු සම්බන්ධයෙන් සැක සිතූ ආරක්ෂක නිලධාරියා ඒ සම්බන්ධයෙන් මුල්‍ය ආයතන කළමනාකරු දැනුවත් කිරීමෙන් පසු පුල්මුඩේ පොලිස් ස්ථානය විසින් සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු 77 හැවිරිදි පුල්මුඩේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වෙයි.
ඔහු සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදී තිබේ.



