විශේෂ මෙහෙයුමකින් අපරාධවලට සම්බන්ධ සැකකරුවන් 755ක් අත්අඩංගුවට

Share

බස්නාහිර පළාත තුළ සියලූම පොලිස් වසම් ආවරණය වන පරිදි අපරාධවලට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ මෙහෙයුමක් දියත් කර ඇත.

 

2020.01.19 වන දින උදෑසන 6.00 සිට සවස 6.00 දක්වා බස්නාහිර පළාත හා රථ වාහන බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිගේ අධීක්ෂණය යටතේ මෙය සිදු කර තිබේ.

එම මෙහෙයුමේ දී විවිධ අපරාධවලට සම්බන්ධ සැකකරුවන් 627 ක් සහ වරෙන්තු සැකකරුවන් 128 ක් ඇතුළු මුළු සැකකරුවන් 755 ක් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන් එම පොලිස්බල ප්‍රදේශවලට අයත් අධිකරණ වෙත ඉදිරිපත් කර ඇති අතර මෙවන් වැටලීම් සිදු කිරීමට පොලීසිය කටයුතු කර ඇත.

Read more

Local News