ජාතික ප්‍රවාහණ වෛද්‍ය ආයතනය විසින් වෛද්‍ය සහතික ලබා ගැනීමේ දී ඊට අවශ්‍ය දින වෙන් කරවා ගැනීමට ඔන්ලයින් ක්‍රමයට පහසුකම් සපයන නව යෙදවුමක් හඳුන්වා දිමට කටයුතු යොදා තිබේ.
මෙම නවතම යෙදවුම හඳුන්වාදීම අද (21) සෙත්සිරිපාය ප්‍රවාහණ කළමනාකරණ අමාත්‍යාංශයේ ප්‍රවාහණ සේවා කළමනාකරණ, විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් දි සිදු කර ඇත.
මෙම නවතම යෙදවුම මෙම සතියේ සිකුරාදා තෙක් පරීක්ෂණ මට්ටමින් පවත්වාගෙන යන අතර ලබන සඳුදා සිට මහජනතාවට එම යෙදවුම භාවිතා කළ හැකිය.
මහජනතාවට කාර්යක්ෂම සේවාවක් ලබා දීම සඳහා වෛද්‍ය සහතික පත් ලබා ගැනීමට දින වෙන් කරවා ගැනීම ඔන්ලයින් ක්‍රමයට මෙම යෙදවුම භාවිතා කරමින් සිදු කළ හැකිය.



