චීනයේ පැතිරයන කොරෝනා වෛරසය ආසාදිතයෙක් අමෙරිකාවෙන්ද හමුවී තිබෙන බව වාර්තා වේ.
වෛරසය ආසාදිතයන් තුන්සීයක් පමණ මේ වන විට හඳුනාගෙන ඇති අතර ඉන් පුද්ගලයන් 6 දෙනෙක් මියගොස් ඇති බව සඳහන්.
චීනයේ වූහාන්, බීජිං ඇතුළු ප්‍රධාන නගර රැසකම කොරෝනා වෛරසය පැතිර ගොස් තිබේ.
ආසාදිතයන් වැඩි පිරිසක් හඳුනාගෙන ඇත්තේ වූහාන් නගරයෙන් වන අතර මේ වන විට අමෙරිකාවෙන්ද වෛරසය ආසාදනය වූ පුද්ගලයෙක් හමුවී තිබේ.
ඔහු චීනයේ වූහාන් නගරයේ සිට අමෙරිකාවේ සියැටල් වෙත පැමිණ ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය.
වෛරසය ආසාදනයවූ බවට හඳුනාගත හැකි රෝග ලක්ෂණ සහිත පුද්ගලයන් එක්දහස් හත්සීයකට වැඩි පිරිසක් ප්‍රතිකාර සඳහා යොමුවී ඇති අතර ඔවුන් අතරින් නවසීයකට වැඩි පිරිසක් වැඩිදුර වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුකර ඇති බව චීන බලධාරීන් පවසයි.
වෛරසය තවදුරටත් පැතිර යාම පාලනය කිරීම සඳහා ගුවන්තොටුපළ, දුම්රිය ස්ථාන වැනි පොදු ස්ථාන ආශ්‍රිතව විශේෂ වැඩසටහන් ක්‍රියාත්මකයි.