මගීන් 83 දෙනෙක් රැගත් ඇෆ්ගනිස්ථාන අරියානා ගුවන් සේවයට අයත් ගුවන් යානයක් අනතුරට ලක්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම ගුවන් යානය අනතුරට ලක්ව ඇත්තේ තලෙයිබාන් සටන්කාමින්ගේ පාලනයට නතු ගසානි ප්‍රාන්තයට බවයි වාර්තා වන්නේ.
බෝයිං 737 වර්ගයට අයත් මෙම ගුවන් යානය ගිනිගෙන කඩා වැටී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
ඇෆ්ගනිස්ථාන විශේෂ බලකායේ සෙබළුන් එම ස්ථානය වෙතට ලඟා වෙමින් සිටින බව වාර්තා වේ.
ගුවන් යානයේ ගමන් කරමින් සිටි මගීන්ට සහ කාර්ය මණ්ඩලය අනතුරෙන් කුමක් සිදුවූවාද යන්න මේ දක්වා කිසිදු තොරතුරක් වාර්තා වී නොමැති බවයි ඇෆ්ගනිස්ථාන මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර සිටියේ.




