කොරෝනා ගැන පරීක්ෂාවට රෝහල් 12 ක් නම් කෙරේ

Share

ශ්‍රී ලංකාවට කොරෝනා වෛරසයෙන් දැඩි බලපෑම් ඇති වුවහොත් රෝගී සත්කාර සේවාවන් සඳහා රෝහල් දොළහක් සූදානම් කර තැබීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

 

නව කොරෝනා වෛරසය පාලනයට ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව දැනුවත් කිරීමේ විශේෂ මාධ්‍ය හමුවට එක්වමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා මෙසේ පැවසීය.

“දැනට භාවිතා කරන ලද අංගොඩ IDH රෝහලට අමතරව ඊයේ සිට තවත් රෝහල් කිහිපයක් ඇතුළක් කරා.

කොරෝනා බවට සැකසහිත රෝගීන් පසුගිය දිනවලදී මුලතිවූ ප්‍රදේශයෙන්,  නුවර ප්‍රදේශයෙන්, වාද්දූව ප්‍රදේශයෙන් රැගෙන ආ බවත් එය සතුටු දායක තත්ත්වයක් නොවන නිසාවෙන් උණ රෝහලට අමතරව උතුරු කොළඹ ශීක්ෂණ රෝහල, ගම්පහ රෝහල, මීගමුව රෝහල, නුවර ජාතික රෝහල, කාරාපිටිය ශික්ෂණ රෝහල, අනුරාධපුර ශික්ෂණ රෝහල, යාපනය ශික්ෂණ රෝහල, කුරුණෑගල ශික්ෂණ රෝහල, රත්නපුර පාළාත් රෝහල, මඩකළපුව ශික්ෂණ රෝහල, බදුල්ල පළාත් රෝහල යන රෝහල් ප්‍රකාශයට පත්කරා.

මේ රෝහල් අදාළ ප්‍රදේශවල යම් සැක සහිත රෝගියෙක් සිටීනම් අදාළ රෝහල් සඳහා රැගෙන ඒමේ  හැකියාව තිබෙනවා.“

කොරෝනා වෛරසය සම්බන්ධ තොරතුරු දැන ගැනීමට ක්ෂණික දුරකථන අංක දෙකක් හඳුන්වා දී ඇති අතර අදාල දුරකථව අංක පහතින් දැක්වෙයි.

සෞඛ්‍ය ප්‍රවර්ධන ඒකකයේ පැය 24 පුරා විවෘත දුරකථන අංකය:- 071  0 107 107

අපදා ඒකකයේ දුරකථන අංකය:- 011 3 071 073

Read more

Local News