නීතිපති කථානායක හමුවෙයි‍

Share

නීතිපති දප්පුල ද ලිවේරා මහතා කථානායක කරූ ජයසූරිය මහතා හමුවී තිබේ.

 

වැඩ තහනමට ලක් වු හිටපු මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතා අත්අඩංගුවට ගැනීමට ලබාදුන් නියෝගය සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ දී සාකච්ඡා වූ කරුණුවලට අදාලව මෙම හමුව සිදුව ඇත.

පසුගියදා කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් ව්‍යවස්ථා සභාව රැස්වු අවස්ථාවේ නීතිපති දප්පුල ද ලිවේරා මහතා විසින් මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතා අත්අඩංගුවට ගන්නා ලෙස පොලීසියට සිදුකළ දැනුම්දීම සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමුව තිබුණි.

එම නියෝගය හේතුවෙන් මහජනතාව අතර අධිකරණය පිළිබඳ පවතින විශ්වාසය බිඳවැටීමට ඉඩකඩ පවතින බව සහ අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වයට මෙන්ම විනිසුරුවරුන්ගේ වෘත්තීය ගරුත්වයට ද බලපැම් එල්ල වන බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක්ව තිබූ බව සදහන්.

ඒ අනුව අදාල නියෝගය සම්බන්ධයෙන් නීතිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව වෙත කැඳවා කරුණු විමසීමට එහිදී තීරණය වී තිබේ.

Read more

Local News