කොරෝනා හේතුවෙන් ගෝලිය හදිසි තත්ත්වයක්

Share

චීනයේ නව කොරෝනා වෛරසයේ ශීඝ්‍ර ව්‍යාප්තිය සැළකිල්ලට ගෙන ගෝලීය හදිසි තත්ත්වයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට ලෝක සෞඛ්‍යය සංවිධානය පියවර ගෙන තිබේ.

 

ලෝක සෞඛ්‍ය සංවිධානය මෙම තීරණය ගෙන ඇත්තේ ඒ පිළිබඳව අවධානය යොමු කරමින් ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර ඊයේ (30) පැවති හදිසි රැස්වීමක් අතරතුරයි.

කොරෝනා වෛරසය හේතුවෙන් චීනයෙන් පරිබාහිරව ලෝකයේ සෙසු රටවල් මුහුණ පා ඇති තත්ත්වය සැළකිල්ලට ගෙන ගෝලීය හදිසි තත්ත්වය ප්‍රකාශයට පත්කළ බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයිසස් (Tedros Adhanom Ghebreyesus) පවසයි.

දුර්වල සෞඛ්‍ය පද්ධති පවතින රටවල්වල වෛරසය සීඝ්‍රයෙන් ව්‍යාප්ත වීමට පවතින ඉහළ සම්භාවිතාවද මෙහිදී දැඩි අවධානයට ලක්ව තිබුණි.

ලොව පුරා මහත් ආන්දෝලනයක් ඇති කරමින් පැතිර යන කොරෝනා වෛරසය වැළඳීමෙන් මරණයට පත් වූ සංඛ්‍යාව මේ වනවිට 213ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read more

Local News