ඕස්ට්‍රේලියාවේ කැන්බරා නුවර දකුණුදිග ප්‍රදේශයේ පැතිර යන ව්‍යසනකාරී ලැව්ගිනි හේතුවෙන් එහි හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමට බලධාරීන් පියවර ගෙන තිබේ.
බලධාරීන් පවසන ආකාරයට දශක දෙකකට ආසන්න කාලය තුළ ප්‍රදේශයට බලපෑ දරුණුම ලැව්ගිනි ව්‍යසනය මෙය වෙයි.
ලොව පුරා මහත් ආන්දෝලනයක් ඇති කරමින් ඕස්ට්‍රේලියාව පුරා පැතිර ගිය ලැව්ගිනි හේතුවෙන් ආපදාවට ලක් වූ ප්‍රදේශ නැවත යථා තත්ත්වයට පත්කිරීමේ කටයුතු කඩිනමින් ආරම්භ කිරීමට බලධාරීන්ගේ අවධානය යොමුව ඇත.
ලැව්ගිනි හේතුවෙන් පුද්ගලයින් 33 දෙනෙකු සහ සතුන් බිලියනයකට ආසන්න සංඛ්‍යාවක් මියගොස් තිබේ.
ඉන් නිවාස 2500 ක් සහ ග්‍රීසිය හා සමාන භූමි ප්‍රදේශයක් විනාශ වී ඇති බවද විදෙස් වාර්තා සඳහන් කළේය.




