චීනයේ අධ්‍යාපනය ලබමින් සිටි තවත් ශ්‍රී ලාංකික සිසුන් 48 දෙනෙකු ඊයේ (30) රාත්‍රීයේ සහ අද (31) අලුයමත් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.
එම සිසුන් පිරිස ඊයේ රාත්‍රී 9.00ට චෙංඩු සිට පැමිණි එයා චයිනා ගුවන් සේවයේ සී.ඒ.- 425 දරන ගුවන් යානයෙන් 33 ක් ද, අද අලුයම 5.10 ට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානා දෙකක් වූ ෂැංහයි සිට පැමිණි යූ.එල්.- 867 දරන ගුවන් යානයෙන් 06 දෙනෙකු ද, ග්වැන්ෂෝ සිට පැමිණි යූ.එල්.- 881 දරණ ගුවන් යානයෙන් 09 දෙනෙකු ද කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.
පසුව මොවුන් ගුවන් තොටුපළ සෞඛ්‍ය වෛද්‍ය ඒකකයේ වෛද්‍යවරුන් පරීක්ෂා කිරීමෙන් අනතුරුව, ඔවුන්ගේ නිවෙස් වෙත යොමු කර තිබේ.



