යතුරුපැදි අනතුරකින් පුද්ගලයෙක් ජිවිතක්ෂයට

Share

කහටගස්දිගිලිය පොලිස් වසමේ පුත්තලම ත්‍රිකුණාමලය මාර්ගයේ දී යතුරු පැදියක් ඉදිරියෙන් ගමන් කළ කුඩා ලොරි රථයක පිටුපස ගැටී සිදුවු අනතුරකින් යතුරු පැදිකරු මියගොස් ඇත.

 

මරණයට පත්ව ඇත්තේ වයස අවුරුදු 24ක්වු පාලිප්පොතාන, රත්මල්ගහ වැව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මළ සිරුර මිහින්තලය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.

අනතුර සම්බන්ධව ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර කහටගස්දිගිලිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Read more

Local News