සූර්යයා ගේ නොදුටු දසුන්

Share

සූර්යයාගේ මතුපිට පෘෂ්ඨයේ දසුන් පෙළක් මාධ්‍යයට නිකුත් වී තිබේ.

 

සූර්යයා පිළිබඳව වැඩිදුර අධ්‍යයනට එම දසුන් මහත් රුකුලක් වනු ඇති බව විද්‍යාඥයින් පවසයි.

සූර්යයාගේ මතුපිට පෘෂ්ඨයේ ස්වභාවය දැක්වෙන නවතම දසුන් පෙළක් මාධ්‍යයට නිකුත් වී ඇති අතර ඉතාමත් සමීපව සූර්යයාගේ මතුපිට පෘෂ්ඨය කැමරා කාචයට හසුකර ගත් පළමු අවස්ථාව මෙයයි.

මෙම දසුන් ලබාගෙන තිබුණේ ඩැනියෙල් කේ ඉනෝයි (Daniel K.Inouye) සූර්ය දුරේක්ෂය ආධාරයෙන්.

හවායි හි හාලියාකාලා (Haleakala) ගිනිකඳු ශිඛරය ආශ්‍රිතව මුහුදු මට්ටමේ සිට අඩි 10,000ක් පමණ ඉහළින් එම දුරේක්ෂය පිහිටා තිබේ.

මේ දුරේක්ෂය ලොව විශාලතම සූර්ය දර්පණයෙන් සමන්විත වීම එහි ඇති විශේෂත්වයයි.

සූර්ය තාරකාවෙන් නික්මෙන ශක්තිජනක වායු සහ ප්ලාස්මා මේ දසුන්වල පැහැදිලිව දැකගත හැකි අතර සූර්යයාගේ ක්‍රියාකාරිත්වය හෝ අභ්‍යවකාශ කාලගුණය අධ්‍යයනය කිරීමෙන් පෘථිවියේ ගැටළු පිළිබඳව අනාවැකි පළකිරීමේ හැකියාව පවතින බව සදහන්.

සූර්ය මතුපිට උෂ්ණත්වය සෙල්සියස් අංශක 6000ක් පමණ විය හැකි නම් බාහිර අවකාශයේ උෂ්ණත්වය අංශක මිලියන ගණනක් තරම් අධිකයි.

Read more

Local News