උඩරට දුම්රිය මාර්ගයේ හැටන්, මල්ලිඅප්පුව ප්රදේශයේ ගින්නක් හට ගෙන ඇති බව වාර්තා වේ.
දුම්රිය මාර්ගයට ආසන්නයේම ඉලුක් සහිත රක්ෂිතයට කිසියම් පිරිසක් විසින් ගිනි තැබීම නිසා හැටන් සහ රොසැල්ල දුම්රිය ස්ථාන දෙක අතර උඩරට දුම්රිය මාර්ගයේ දෙපස රක්ෂිතයේ අද (31) දහවල් 12.00ට පමණ මෙම ගින්න හටගෙන ඇති බව වාර්තා වෙයි.
දුම්රිය මාර්ගයේ දෙපස රක්ෂිතයේ ගිනන් හට ගත්තද දුම්රිය ගමනා ගමනයට කිසිදු බාධාවක් වි නොමැත.
දුම්රිය මාර්ගයේ ගමන් ගන්නා කිසියම් පිරිසක් රක්ෂිතයට ගිනි තබන්නට ඇති බවයි හැටන් දුම්රිය ස්ථානයේ නිලධාරියෙකු පැවසීය.
මෙසේ රක්ෂිතවලට ගිනි තැබිම නිසා එම රක්ෂිත තුල වෙසෙන වන සතුන්ද විනාශ වි යාමේ අවධානමකට ලක් වි ඇති බවයි පරිසරවේදින් පවසයි.



