ලොරියක ත්‍රීරෝද රථයක් ගැටී අයෙක් ජිවිතක්ෂයට

Share

කොළඹ – නුවර මාර්ගයේ පෑලියගොඩ දුටුගැමුණු මාවත ප්‍රදේශයේදි සිදුවු රිය අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.

 

ධාවනය වෙමින් තිබූ ලොරි රථයක ඊට පිටුපසින් පැමිණි ත්‍රීරෝද රථයක් ගැටීමෙන් අනතුර සිදුව ඇති බව පොලීසිය පැවසීය.

අනතුරෙන් ත්‍රීරෝද රථයේ ගමන්ගත් පුද්ගලයින් දෙදෙනා තුවාල ලබා ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඉන් එක් අයෙකු මියගොස් තිබේ.

මියගොස් ඇත්තේ වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි 16 හැවිරිදි අයෙක් බව පොලිසිය පවසයි.

අනතුරට සම්බන්ධ ලොරි රථ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත.

Read more

Local News