අංගොඩ ලොක්කාගේ සමීපතමයින් 2ක් අත්අඩංගුවට

Share

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වු ලසන්ත චන්දන පෙරේරා හෙවත් අංගොඩ ලොක්කා නැමැත්තා සමඟ සමීප සබඳතා පැවැත්වු පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

 

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පැණියා සහ ප්‍රසනන් ලෙස හදුන්වන පුද්ගලයින් දෙදෙනෙක් බව පොලිසිය පවසයි.

මෙම සැකකරු දෙදෙනා ඊයේ (01) මුල්ලේරියාව ප්‍රදේශයේදි පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් විසින් සිදු කළ මෙහෙයුමකදි අත්අඩංගුවට ගෙන තිබේ.

මොවුන් සතුව තිබි හොරොයින් ග්‍රෑම් 5ක් සහ මිලි ග්‍රෑම් 600ක් සොයාගෙන තිබේ.

එම සැකකරුන් දෙදෙනාගෙන් කළ ප්‍රශ්න කිරීම් වලදි ඔවුන් පවසා ඇත්තේ අංගොඩ ලොක්කා නැමැත්තා ඩුබායි සිට අදාල ජවාරම් කටයුතු මෙහෙයවන බවයි.

Read more

Local News