ජා ඇල දී තියුණු ආයුධවලින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කරයි

Share

ඊයේ (02) රාත්‍රීයේ මිනුවන්ගොඩ ජා ඇල මාර්ගයේ දි කුලී රථයකින් ගිය පුද්ගලයින් දෙදෙනෙකු විසින් ත්‍රීරෝද රථ රියදුරුට පහර දී ඝාතනය කර තිබේ.

 

ජාඇල මාර්ගයේ ඒකල මොන්ටා හන්දිය ආසන්නයේ පාළු ඉඩමකදී, මිනුවන්ගොඩ ප්‍රදේශයේ සිට ත්‍රීරෝද රථයකින් මොවුන් ගමන් කර තිබේ.

පසුව රියදුරුට තියුණු ආයුධයකින් පහර දී ඔහු සන්තකයේ තිබුණු රුපියල් 1000ක් මංකොල්ල කා පලාගාස් තිබේ.

අනතුරුව බරපතළ තුවාල ලැබූ පුද්ගලයා ජා ඇල පොලිස් ස්ථානයේ ජංගම සංචාර නිලධාරීන් විසින් ජාඇල රෝහලට ඇතුළත් කර ඇති අතර පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා රාගම රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජිවිතක්ෂයට පත්ව ඇත.

මියගොස් ඇත්තේ වයස අවුරුදු 67 ක් වු අඹගහවත්ත, ගම්පහ පාර, මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මෙම අපරාධය සිදුකල පුද්ගලයන් සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැති අතර සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ජාඇල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Read more

Local News