කොත්මලේ දී කතක් ඝාතනය කරයි

Share

කොත්මලේ පොලිස් වසමේ ගැරඩි ඇල්ල, කොත්මලේ ප්‍රදේශයේ දී පුද්ගලයෙකු විසින් ඔහුගේ බිරිඳට සිදුකල පහර දීමකින් ඇය ජීවිතක්ෂයට පත්ව ඇත.

 

නිවසක දී පුද්ගලයෙකු විසින් ඔහුගේ බිරිඳ සමඟ ඇති වු ආරවුලක් දුරදිග යෑමෙන් බිරිඳට මෙම පහර දීම සිදු කර ඇති බව පොලිසිය පවසයි.

මියගොස් ඇත්තේ වයස අවුරුදු 45 ක් වු අංක 10, ගැරඩි ඇල්ල, කොත්මලේ ප්‍රදේශයේ පදිංචිකාරියකි.

ඝාතනය සිදු කල සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙන අතර කොත්මලේ පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Read more

Local News