වියළි ගංජා සමඟ පස්දෙනෙක් අත්අඩංගුවට

Share

මොණරාගල ප්‍රදේශයේ දී ඊයේ (02) සිදුකළ වැටලීමක දී වියළි ගංජා සමඟ සැකකරුවන් පස්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

 

මොණරාගල මූලස්ථාන පොලිස් දූෂණ මර්දන ඒකකය විසින් මෙම වැටලීම සිදුකර ඇත.

මෙහිදී තෙනගල්ලන්ද මුහුදුපිටිය ප්‍රදේශයේ දී වියළි ගංජා කිලෝග්‍රෑම් 12යි ග්‍රෑම්10ක් සමඟ සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන ඇත.

තවත් සැකකරුවන් තිදෙනකු මොණරාගල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් සන්තකයේ තිබී වියළි ගංජා ග්‍රෑම් 150 සහ 105 බැගින් තිබූ බව මොණරාගල පොලීසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 20-55 අතර පසුවන්නන් වන අතර සැකකරුවන් මොණරාගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Read more

Local News