කුරුණෑගල-දඹුල්ල මාර්ගයේ කිරිවව්වල ඉන්ධනහල ආසන්නයේ දී දඹුල්ල දෙසට ධාවනය වු යතුරුපැදියක් පැදිකරුට පාලනය කරගත නොහැකිව මාර්ගයේ පෙරළී ගොස් අනතුරක් සිදුව ඇත.
අනතුරෙන් බරපතළ තුවාල ලැබු යතුරුපැදිකරු කුරුණෑගල රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් ඇත.
මරණයට පත්ව ඇත්තේ වයස අවුරුදු 26ක් වු ගොකරැල්ල ප්රදේශයේ පදිංචිකරුවෙකි.
මෘත ශරීරය කුරුණෑගල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.
සිද්ධිය පිළිබඳ කුරුණෑගල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.



