නවසීලන්තයේ දකුණු දිග ප්‍රදේශයට ඇළ හැලෙන අධික වර්ෂාවත් සමඟ හදිසි ගංවතුර තත්ත්වයක් හටගෙන තිබේ.
මේ හේතුවෙන් බොහෝ සංචාරකයින් පිරිසක් සිරවී සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
නවසීලන්තයේ ෆයර්ඩ්ලන්ඩ් සහ මිල්ෆර්ඩ්සවුන්ඩ් යන ප්‍රදේශවල කඳු තරණය සඳහා එක්ව සිටි විදේශකයින් පිරිසක් මෙලෙස සිරවී සිටින බව වාර්තා වේ.
දින තුනකට ආසන්න කාලයක් ඇඳ හැළුණු වර්ෂාවත් සමඟ නායයාම් සහ මාර්ග රැසක් ජලයෙන් යටවීම හේතුවෙන් සිරවී සිටින පුද්ගලයින් බේරා ගැනිමේ කටයුතුවලට බාධා එල්ල වී තිබෙන බව වැඩිදුරටත් සඳහන් වෙයි.




