සබරගමුව සහ දකුණු පළාත්වලත් කළුතර, නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස 2.00 න් පසුව වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
නැගෙනහිර හා ඌව පළාත්වල සිහින් වැසි ඇති විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතිනු ඇත.
මධ්‍යම, සබරගමුව හා ඌව පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන මීඳුම් සහිත තත්ත්වයක් පවතිනු ඇත.



