යාපනය නගරයේ ස්ථාන දෙකකදි තරුණියන් දෙදෙනෙකු සියදීවි හානිකරගෙන ඇති බව යාපනය පොලීසිය පවසයි.
යාපනය, නල්ලූර් සංගිලියන් ප්‍රදේශයේ ජිවත්වු ජෙයබාලන් සිවසාජිනි නමැති 20 හැවිරිදි තරුණියක් හා යාපනය දුම්රියපොළ අසල ජිවිත්වූ වයස අවුරුදු 17ක් වු ශිවරූබන් රිස්විනි නමැති තරුණියක් එලෙස සියදිවි නසාගෙන ඇති බව පොලීසිය කියා සිටියේය.
අධ්‍යාපනය ලබන දැරිවියන් දෙදෙනෙකු එලෙස ජිවිතක්ෂයට පත්ව ඇති අතර, සියදිවි නසා ගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වි නොමැත.
මළ සිරුරු පශ්චාත් මරණ පරීක්ෂණයන්ගෙන් අනතුරුව ඥාතීන් වෙත භාරදීමට නියමිත අතර, සිද්ධිය සම්බන්ධයෙන් යාපනය පොලීසිය වැඩිදුරට විරමර්ශන සිදු කරයි.



