ශ්‍රී ලංකන් හිටපු ප්‍රධාන විධායක නිලධාරී සහ බිරිඳ අධිකරණයට ඉදිරිපත් කරයි

Share

අධිකරණයෙන් වරෙන්තු ලබා සිටි ශ්‍රී ලංකන් හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රෙස්න මහතා සහ ඔහුගේ බිරිඳ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබෙන බවට වාර්තා වේ.

 

අද (06) උදෑසන ඔවුන් නීතිඥයින් මාර්ගයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර වී තිබුණි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර වීමෙන් පසු හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රෙස්න මහතා සහ ඔහුගේ බිරිඳ මේ වන විට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර ඇත.

ශ්‍රී ලංකන් ගුවන් සමාගමට ගුවන් යානා මිලදී ගැනීමේ ගනුදෙනුවකදී අල්ලස් මුදලක් ලබාගත් බවට ඔහුට එරෙහිව චෝදනා එල්ල වී තිබුණි.

Read more

Local News