වව්නතිව් පොලිස් වසමේ මුල්ලාමුණ ප්රදේශයේ දී තුවාල සහිතව මිය ගොස් සිටි පොලිස් නිලධාරියා ඝාතනය කිරීමට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවඩ ගෙන ඇත.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 31ක් සහ 29ක් වු වව්වතිව් ප්රදේශයේ පදිංචි පුද්ගලයින් දෙදෙනෙක් බව පොලිසිය පවසයි.
සැකකරුවන්ගෙන් කළ ප්රශ්න කිරීම් හමුවේ ඔවුන් පවසා ඇත්තේ අදාල පොලිස් නිලධාරියා සමඟ සිදු වු බහින්බස වීමක් දුරදිග යාමෙන් පසු වු පහරදීමකදි පොලිස් නිළධාරියා මිය ගිය බවයි.
ඊයේ (05) රාත්රීයේ පොලිස් සැරයන්වරයා සිය වාඩියට ගොස් රාත්රීයේ නැවතත් සිය නිවස බලා පැමිණිමට සුදානම් වු අවස්තාවේදි එම ස්ථානයේ යමෙකු සැඟවී සිටින බව දැක ඇති අතර ඔහු එම ස්ථානයට ගොස් පරීක්ෂා කර ඇත.
එහිද අදාල සැකකරුන දෙදෙනා හමු වි ඇති අතර, කුමක් සඳහා ඔවුන් එම ස්ථානයේ රැදි සිටින්නේද යන්න පොලිස් සැරයන්වරයා ඔවුන්ගෙන් ප්රශ්න කර තිබේ.
පොලිස් නිලධාරියා විසින් දිගින් දිගටම සිදු කළ ප්රශ්න කිරීමත් සමඟ දෙපාර්ශවය අතර ගැටුමක් ඇති වු බව සැකකරුන් පොලීසියට පවසා තිබේ.
එහිදි සිදු වු පහර දීම් නිසා පොලිස් නිළධාරියා මිය ගිය බවත් එම නිසා ඔහුගේ සිරුර ගෙනවිත් මාර්ගය අසල දමා ගිය බවත් සැකකරුන් වැඩිදුරටත් ප්රකාශ කර ඇති බව සඳහන්.
මෙලෙස මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 50 ක් වු පූදුර්, මඩකලපුව ප්රදේශයේ පදිංචි වාලච්චේන පොලිස් ස්ථානයට අනුයුක්ත සේවය කරන ටී. සිවරාසා නම් පොලිස් සැරයන්වරයන්වරයෙක්.



