කොරෝනා ගැන පළමුවෙන්ම ලොවට අනතුර ඇඟවීම් කළ චීන වෛද්‍යවරයා මරුට

Share

කොරෝනා වෛරසය පැතිරයාම පිළිබඳව පළමුවෙන්ම ලොවට අනතුරු ඇඟවීමට උත්සහ කළ චීන ජාතික වෛද්‍ය ලී වෙන්ලියැන්ග් එම වෛරසයෙන් මියගොස් තිබේ.

 

ඒ අදාළ වෛරසය ආසාදනයවීම නිසා රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින අතරතුරදීයි.

නව කොරෝනා වෛරසයෙන් ඊයේ (06) දිනයේදී තවත් පුද්ගලයන් 71දෙනෙක් මියගොස් ඇති අතර ඒ අනුව මේ වන විට වාර්තාවී ඇති සමස්ත මරණ සංඛ්‍යාව 636ක්.

වෛරසය ආසාදිතයන් ගණන 31,000 ඉක්මවන බව විදෙස් වාර්තා සඳහන් කළේය.

වූහාන් මධ්‍යම රෝහලේ සේවය කරමින් සිටි අතරතුර ඔහු කොරෝනා ආසාදිතයන් කිහිපදෙනෙකු හඳුනාගෙන තිබුණේ පසුගිය ජනවාරි මාසයේ මුල් භාගයේදීයි.

ඒ සමඟ මෙම වසංගතය පිළිබඳ දැනුවත් කිරීමට හා අනතුරු ඇඟවීමට වෛද්‍යවරයා උත්සහ දරා තිබුණද අසත්‍ය තොරතුරු ප්‍රචාරය කරන බව පවසමින් පොලිසිය විසින් එය වළක්වා තිබුණි.

නව කොරෝනා වෛරසය ආසාදිතයන්ට ප්‍රතිකාර කරමින් සිටියදී අදාළ වෛද්‍යවරයාද වෛරසයට ගොඳුරුවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

Read more

Local News