කොරෝනා නිසා මියගිය සංඛ්‍යාව 636 දක්වා ඉහළට

Share

මාරාන්තික කොරෝනා වෛරසය හේතුවෙන් ඊයේ (06) දිනයේදී තවත් පුද්ගලයන් 71 දෙනෙක් මියගොස් ඇති අතර ඒ අනුව මේ වන විට වාර්තාවී ඇති මුළු මරණ සංඛ්‍යාව 636ක්.

 

වෛරසය ආසාදිතයන් ගණන 31,000 ඉක්මවන බව විදෙස් වාර්තා සඳහන් කළේය.

මේ අතර කොරෝනා වෛරසය පැතිරයාම පිළිබඳව පළමුවෙන්ම ලොවට අනතුරු ඇඟවීමට උත්සහ කළ චීන ජාතික වෛද්‍ය ලී වෙන්ලියැන්ග් මියගොස් තිබේ.

අළුත උපන් බිළිඳෙක්ද වෛරසයෙන් මියගිය අතර සෙසු පිරිස වෙනත් සෞඛ්‍ය දුර්වලතා පැවති අය බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.

චීනයද ඇතුළුව රටවල් 25ක් වෛරසයට ගොඳුරුවී ඇත.

Read more

Local News