කොරෝනා වෛරසය හේතුවෙන් හුදෙකලා නගරයක් බවට පත්කර ඇති චීනයේ වූහාන් නගරයේ සිරවී සිටින සුරතල් සතුන් මුදාගැනීමේ වැඩසටහනක් ආරම්භ කර තිබේ.
එම සතුන්ට ආහාර සහ ජලය ලබාදීමටත් මෙහිදී පියවර ගෙන ඇත.
පුද්ගලයන් බොහෝ පිරිසක් වෛරසයට ගොදුරුවී ඇති බැවින් වූහාන් නගරයේ නිවාස රැසක් හිස්ව පවතින බව එරට වාර්තා සඳහන් කරයි.
හිස්ව ඇති නිවෙස් තුල සුරතල් සතුන් පනස්දහසක් පමණ සිරවී ඇති බවට වූහාන්හි කුඩා සතුන් ආරක්ෂා කිරීමේ සංගමය ගණන් බලා තිබේ.
ඔවුන් මුදාගැනීමේ මෙහෙයුමක් මේ වන විට නගර බලධාරීන් ආරම්භ කර ඇත.
එමෙන්ම නිවෙස්තුළ සිරවී සිටින සරතුල් සතුන්ට ආහාර ලබාදීමේ වැඩසටහනක්ද ක්රියාත්මකයි.




