මීගමුවේ හා කොට්ටාවේ දී සිදු කළ වැටලීම්වලදී රට බීම බෝතල් 252 ක් සමඟ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගැනීමට කොළඹ සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකය සමත්ව තිබේ.
උපාය දූතයන් යොදවා විවාහ උත්සවයකට ඇනවුම් කරන ආකාරයට මෙම රට බීම බෝතල් අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන් වයස අවුරුදු 57 හා 53 යන වයස්වල පසුවෙන බව සඳහන් වෙයි.
එම රට බීම තොගයේ වෙළඳපොළ වටිනාකම රුපියල් 126,0000 ක් පමණ විය හැකි බව ගණන් බලා තිබේ.
මෙම රට බීම බෝතල් 12 බැගින් මුද්‍රා නොකැඩු පෙට්ටිවල අසුරා තිබු බවත්, සීදුව ප්‍රදේශයේ කන්ටේනර් අංගනයකින් රහසේ පිට කරන ලද රට බීම තොගයක් බවත් විමර්ශනවලදී හෙළි වී ඇත.
මෙලෙස රට බීම තොග වශයෙන් රට තුළට පැමිණීම හේතුවෙන් විශාල වශයෙන් බදු මුදල් රටට අහිමි වෙන බවද සුරාබදු නිලධාරීන් පවසයි.



