ජනාධිපතිට ආනන්ද විද්‍යාලයෙන් උපහාර

Share

මෙරට 07 වන විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ ජනාධිපති ආදී ආනන්දයීය ගෝඨාභය රාජපක්ෂ මහතාට උපහාර පිදීමේ උළෙලක් කොළඹ ආනන්ද විද්‍යාලය විසින් අද පෙරවරුවේ සංවිධාන කර තිබුණි.

 

ආනන්ද විද්‍යාලය විසින් බිහිකරන ලද පළමු ජනාධිපතිවරයා ගෝඨාභය රාජපක්ෂ මහතා වෙයි.

ආනන්ද විද්‍යාලයේ ඉදිකෙරුණු නව සත් මහල් ගොඩනැඟිල්ල විවෘත කිරීමද මෙහිදී ජනාධිපතිවරයා අතින් සිදුකෙරුණි.

උපහාර පිදීමේ උළෙලට ජනාධිපතිවරයා පිළිගැනීම සඳහා ආදී ආනන්දයීයන් වන කතානායක කරූ ජයසූරිය මහතා, අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා, අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහතා ඇතුළු පිරිසක් එක්විය.

Read more

Local News