අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිව්දින සංචාරයක් සඳහා මීට සුළු වේලාවකට පෙර ඉන්දීයාව බලා පිටත්ව තිබේ.
අග්‍රාමාත්‍ය ධුරයට පත් වීමෙන් පසු මහින්ද රාජපක්ෂ මහතා විදෙස් සංචාරයක නිරත වන පළමු අවස්ථාව මෙය වෙයි.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ආරාධනයකට අනුව එම සංචාරය සිදුවන බව එරට විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.



