ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (07) සවස හදිසියේ උද්ඝෝෂකයින් පිරිසක් හමුවීමට ගොස් තිබේ.
ඩෙංගු මර්දන සහයකයන් පිරිසක් විසින් ජනාධිපති කාර්යාලය ආසන්නයේ මෙම විරෝධතාවය පවත්වා තිබේ.
කොන්ත්‍රාත් පදනම මත පසුගිය ආණ්ඩුවෙන් ඔවුන්ට රැකියා ලබා දී නැවත එම පත්වීම අත්හිටුවා තිබේ.
ඒ අනුව එහි ගිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කියා සිටියේ තමා ලබා දෙන රැකියා ලක්ෂය අතරට ඔවුන් ද ඇතුළත් කර ගන්නා බවයි.



