නියමිත දිනට පෙර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට රජය කටයුතු කරන බවට වාර්තා පළවනවා

Share

නියමිත දිනට පෙර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට රජය කටයුතු කරන බවට වාර්තා පළවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

 

එසේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අවශ්‍ය නම් ඊට තුනෙන් දෙකක බහුතරයක් අවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා පවසයි.

අලුත් අවුරුද්දට ජනතාවට සහන ලබාදිය නොහැකි බැවින් ආණ්ඩුව එවැනි තීරණයකට යොමුවිය හැකි බවයි ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ.

ජා ඇලදී ඊයේ පැවති ජනහමුවකට එක්වෙමින් විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේය.

Read more

Local News