තායිලන්තයේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 21 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය.
පුද්ගලයින් 21 දෙනෙකු ඝාතනය කළ තායිලන්ත හමුදා සෙබළා ද පොලිස් වෙඩි පහරින් මියගොස් තිබේ.
වෙළෙඳ සංකීර්ණයකට පැමිණි ඔහු එහි සිටි පුද්ගලයින් 21 දෙනෙකු වෙඩි තබා ඝාතනය කළේ ඒ පිළිබද ෆේස්බුක් සටහනක් ද තබමිනි.
අනතුරුව තායිලන්ත ආරක්ෂක අංශ ඔහු අත්අඩංගුවට ගැනීමට මෙහෙයුමක් දියත් කළේය.
අනතුරුව ආරක්ෂක අංශ එල්ල කළ වෙඩි ප්‍රහාරවලින් 32 හැවිරිදි සැකකරු මිය ගිය බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.




